සදාචාර සම්පන්න දරු පරපුරක් සමාජයට
දායාද කිරීම සඳහා නිශ්ශරණාධ්‍යාශයෙන් තම සේවය ලබාදෙන දහම් පාසල් ගුරුවරුන් අගය
කිරීම, දැනුමෙන් සන්නද්ධ කිරීම හා සමාජ පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් බෞද්ධ කටයුතු
පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා
සුදුසුකම් ලාභී දහම් පාසල් ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
01. මුලික සුදුසුකම්.
I.
බෞද්ධ
කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක 2025.03.01 දින වන විට මාස 06ක
අඛණ්ඩ සේවා කාලයක් තිබීම.
II.
2024.09.01
දිනට වයස අවුරුදු 18ට සම්පුර්ණ වී තිබීම.
02. විභාගය පවත්වන ආකාරය හා දිනය .
උක්ත විභාගය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ පැවැත්වීමට
කටයුතු සංවිධානය කර ඇති අතර විභාගය පවත්වන දිනය අයදුම්කරුවන් වෙත තැපැල් මගින්
දැනුවත් කරනු ලැබේ. එසේම පහත දැක්වෙන විභාග මධ්‍යස්ථානයන්හි දි සිංහල මාධ්‍යයෙන්
විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Post a Comment